Friday 28 February 2014

යුරීකා වල තවත් දවසක්

මුලින්ම කියන්න ඕන අද ශාම්ට තැපැල් කන්තෝරුවේ ලොක්කා එක්ක කතා කරන්න වෙලා නැති උනා.හැබැයි අද හෙටම හීතලම තැපැල් කන්තොරුව ගැන කියන්නම්.සමාව භජනය කරත්වා!!!

ඕකේ එහෙනම් දවසේ විස්තර නැතිනම් උත්තර ධ්‍රැවයේ තොරතුරු. ඊයේ මුලු රෑම ශාම් වැඩ කරන ලේසර් දත්ත එකතු කලා. දත්ත කියුවේ වායුගෝලයේ එක එක උසවල් වල තියන අංශු ප්‍රමාණ,ඔක්සිජන්, නයිට්‍රජන්,ජලවාශ්ප, ප්‍රමාණ මේ ආදී දත්ත. ලගදිම දවසක ශාම් කියන්න බලාපොරොත්තු වෙනවා LIDAR එකක මොනාද වෙන්නේ කියලා.පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා ඉතින්, මොනවා කරන්නද වෙලාව මදි හුගාක් දීවල් ලියන්න.

ඉතින් එකතු කරපු දත්තවල සමහර ඒවා හුගාක් වැඩිපුර ලැබිලා තිබුනා.ඉතින් එමලි කියුවා එහෙම අමුතු එහෙමත් නැත්නම් සාමාන්‍යයට එහා දත්ත ලැබෙන්න එක හේතුවක් කියලා වලාකුලු තියන එක. එමලිට ඕනේ හුගාක් වලාකුලු තියන වෙලාවට ලැබෙන දත්ත. ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා ලේසර් එක උදෙන්ම වැඩ කරන එක නැවැත්තුවා,නවත්තලා ලේසර් කිරණ අහසට යොමු කරන කණ්නාඩියට යන්තම් උඩින් පෝලරයිසර් එකක්, සරලව කියුවොත් සව් කඩදාසියක් වගේ එකක් අලෙව්වා. මේකෙන් වෙන්නේ අහසට ගියපු ලේසර් කිරණ එක එක උස මට්ටම් වලදි ආපහු හැරිලා එනකොට(පරාවර්තනය, Back Scattering) කඩදාසිය හරහා ගිහින් ෆොටොන් ගනන් කරන උපකරණයට (Photo Multiplier Tube ) එනවා. එතකොට ලැබෙන්නෙ වලාකුලු සහ අන්ශු ආදියෙන් එන දත්ත තමයි හුගාක් අතුලට එන්නේ.



කොළ අලවන්න දෙන්නට ටිකක් වෙලා ගියා මොකද ලේසර් කාමරේ දෙන්නෙක්ට හැරෙන්නත් අමාරුයි ඒ තරම් පොඩි.අනිත් එක දෙන්නම ලේසර් තියන මේසෙ උඩට නගින්න ඕනේ,වයර් හැමතැනම. ඉතින් ඒ වැඩේ කරලා ආයෙත් UV සහ කොළපාට ලේසර් දෙකම අහසට යොමු කලා. අද ඒ වැඩේ ශාම් තමයි කලේ, එමලි ලග ඉදගෙන කරන විදිය කියලා දුන්නා.



දවල් කෑමෙන් පස්සේ ශාම් සහ එමලි වඩු වැඩ කරන්න පටන් ගත්තා, උදේ අත්වැඩනේ කලේ,කොල කපනවා අලවනවා. හවස ලීයක් හොයලා එකේ හිල් විදලා එකට කාඩ්බෝඩ්වලින් හදාගතිපු කෝණ මානයක් වගේ එකකුත් හදලා, තියන ඇණ ඔක්කොම අරගෙන දෙන්නත් එක්ක එමලිගේ පර්යේශනයට ඕනේ කරන පුන්චි උපකරණයක් හැදුවා.

යුරීකා එනකොට වඩුවැඩ,කරන්ට් වැඩ,ලේසර් වැඩ ඔක්කොම ඉගෙන ගෙන එන්න ඕනේ.


පස්සේ ආයෙත් ලේසර් මේසේ උඩ නැගලා ශාම් පැය දෙකක් හිටගෙන හිටියා එමලිට ඕනේ Callibration එක කරනකන් උදව්වට.

අද තව අලුත් වැඩක් කලා කාළගුණ කට්ටිය එයාල අද ඕසෝන් බැලුමක්  යැව්වා දත්ත එකතු කරන්න. ශාම් මහන්සි නොබලා ඒ වැඩේ බලන්නත් ගියා.ඊයේ යවපු බැලුන් එක සාමාන්‍ය කාළගුණ බැලුමක් මේ බැලුම ජෙලිෆිශ් කෙනෙක් වගේ. එයා උඩට යන්නේ ජෙලිෆිශ් යනවා වගේම තමයි.මේකෙන් හුගක්ම එකතු කරන්නේ ඕසොන් ප්‍රමාණ ගැන. සතියකට දවසක් විතර මේවා එකක් යවනවමලු. අනිත් විශේශතාවය තමයි මේ බැලුම අහසේ හුගාක් ඉහල උසකට යනවා. සාමන්‍ය බැලුමකට වඩා. එහෙම වෙන්නම එපැයි, මොකද ඕසොඅන් ස්ථරය තියෙන්නෙ කාළගුණයට බලපාන වාහුගොලීය ස්තරයට වඩා ඉහලින්නේ.





ඊටත් පස්සේ කට්ටියම හවස 7ට පොඩි වොක් එකකට ගියා. අඩි දහයක් යනකොට ඔන්න අත් දෙක ගල් නහය ගල් ඇහිබැමි ගල්, මූන වටේම හිම බැදිලා හා හා මරු !
ඒ මදිවට දාගෙන ගියම හිම කණ්ණාඩියේ අයිස් බැදිලා පාර පේන්නේ නෑ.ඉතින් එක ගලවල දාගත්ත අතුලට.ඔහොම 1කිමී විතර යනකොට මෙන්න අයිස් දිය වෙනවා මූන දියේ හොදටම දාඩිය දාලා. හැබැයි නහයෙන් වතුර ගලනවා.


ශාම් හොදට සතුටු උනා මේ හැන්දෑ ඇවිදින්න ගිය ගමනෙන්. සෑහෙන්න දුරක් ගිහින් ආපහු එනකොට ඈතට හරි අපූරුවට පේනවා කොල පාට ලේසර් කිරණැ අහස විදගෙන ඉහලට යන්වා. ආසාවේ බෑ.

අදට නවතින්නම්, ඉරිදා නිවඩු දවසේ හුගාක් ලියන්නම්.

මෙන්න මේවත් බලන්න හුගාක් පින්තූර සහ අනිත් අයගෙ පර්යේෂණ විස්තර දාලා තියනවා

https://twitter.com/createarcticsci




http://createarcticscience.wordpress.com




Thursday 27 February 2014

හෙට කතාව ලෝකෙ තියන හීතලම තැපැල් කන්තෝරුව...

පොස්ට් කාර්ඩ් එකක් ඔනේ නම් දාන්න ලිපිනය මේකේ.

විස්තර ළගදීම...


මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදි


පාරජම්බුල ලේසර් සහ තවත් කතා

දවසේ කතාව, අද හා හා පුරා කියලා ශාම් එයා පාවිච්චි කරන්න යන පාරජම්බුල කිරණ එන ලේසර් එකේ පම්ප් එක හයි කලා. දැන් තියෙන්නේ එමලි එක්ක එකතුවෙලා UV. ලේසර් එක යථාතත්වයට ගේන්න. ශාම්ගේ මාස්ටර් එකේ ප්‍රධානම දේ වෙන්නේ අවුරුදු කීපයකින් පාවිච්චි කරලා නැති UV චැනෙල් එක හදාගෙන ඒකෙන් වායුගෝලීය ජලවාෂ්ප අනුපාත නිවැරදිව ලැබෙනවද කියලා බලන එක. චැනෙල් එක වැඩ කරන්නේ නැත්තම් හරියට ශාම්ට වෙනවා ඒක කොහොම හරි හදාගන්න. මේ පාර බැරි උනොත් ලබන අවුරුද්දෙ තමයි ඒක කරන්න වෙන්නෙ. මොකොද දන්නවද මේ ආර්ටික් වායුගොලීය පර්යේෂණ වැඩසටහන හුගාක් වෙලාවට අදුරුද්දකට එක වතාවයි.

මේ තියෙන්නේ ශාම් අද හයි කරපු Pumb Chamber එක වගේ එකක්, ලැබ් එක ඇතුලේ වැඩ කරන ගමන් පින්තූර ගන්න වෙලාවක් නැති තරම්.

Read more about this from http://arctic-emily.blogspot.ca
ඒකට හෙතුව කෙටියෙන් කිවොත් ACE කියන වායුගොලය පිළිබද තොරතුරු එකතු කරන  සැටලයිට් එක යුරීකා වලට උඩින් යන්නේ මේ කාලෙ, එතකොට ටොරොන්ටො, වෙස්ටර්න්, යොර්ක් ආදි විශ්වවිද්‍යාල වල මහාචර්යවරු එයාලගෙ සිසුන් එක්ක යුරීක ඇවිත් තම තමන්ගේ විශ්වවිද්‍යාලවලට අදාල විවිද පර්යේෂන කටයුතු කරනවා. ඒ ඔක්කොම දත්ත CANDAC (Canadian Network for the Detection of Atmospheric Change) එකතු කරගෙන එයාලගේ සැටලයිට් එකේ දත්ත එක්ක සසදනවා, එහෙම කරල තමයි බලන්නේ සැටලයිට් එක හරියට වැඩ කරනවද කියලා. ශාම් වැඩ කරන්නේ ඩල්හවුසි යුනිවර්සිටි එකට අයිති ලේසර් ලැබ් එකක. ඒකට කියන්නේ OPAL කියලා. මේ ඔක්කොම ලැබ් ගැන තොරතුරු මේන්න මෙතන තියනවා.
http://www.candac.ca/candac/About/history.php?type=History

ඔන්න පින්තූරෙකුත් දැම්මා බලාගන්න ශාම්ගේ ලැබ් එකේ.





අද පුදුම වැඩ ගොඩාක් කරපු දවසක්, ශාම් එමලි එක්ක UV ලේසර් එකේ කූලින් සිස්ටම් එක මුලින්ම චෙක් කලා. වැඩේ කියන්නේ වතුර ලීක්, ඉතින් දෙන්නත් එක්ක පයිප්ප බාස් වැඩේ කලා. ලැබ් එක පුරාම දුවලා වෑල්ව් එකක් හොයාගත්ත ලීක් එකේ ජොයින්ට් එකට දාන්න, පයිප්ප අලවන ටේප් ගහලා කොහොම හරි දෙන්න ලීක් එක හදාගත්තා. ඊට පස්සේ කොළ පාට ලේසර් එකේත් වතුර ලීක් චෙක් කලා.

ආයෙත් ලේසෙර් දෙකම ෆ්ලෑශ් කරල මාරුවෙන් මරුවට ලේසර් එකේ ගමන් මග තහවුරු කරගත්තා. UV ලේසර් එක හුග කාලෙකින් බාවිතා කරල නැති නිසා හුගාක් වෙලා ගියා ඒක හදා ගන්න.

කොහොමෙන් කොහොම හරි ඒක හදගත්තම දෙන්නට තෙරුන ලේසර් දෙකම එක පාර වැඩ කරනකොට එක ලේසර් කිරණක් ලීක් වෙනව කියලා. ඉතින් ඔන්න අ වෙලාවෙ තමයි ශාම්ට ගණදෙවි නුවන පහළ උනේ, ශාම් කිඋවා මාරුවෙන් මාරුවට ලේසර් එක පත්තු කරලා දෙන්නගෙ ගමන් මගේ වෙනස හොයාගමු කියලා, ඊට පස්සෙ ඒ වෙනස අඩු වෙන විදියට ලේසර් එකෙ තියන ලෙන්ස් සහ කන්නාඩි වෙනස් කරමු කියලා.
වැඩෙ හරි ගියා, ශාම්ටයි එමලිටයි හරි සතුටුයි දෙන්නට පුලුවන් උනා ලේසර් දෙකම එකම තැනකට ෆොකස් කරගන්න. ඊට පස්සෙ එයාලට ඔනේ උනේ පැහැදිලි අහසක් තියනවද බලලා ඩල් හවුසි ඉන්න ඔපරෙටර් එක්ක එකතු වෙලා පොඩි වෙනස් කම් කීපයක් කරලා දත්ත ගන්න පුලුවන් වෙන තැනට වැඩෙ හද ගන්න.

දවස ඉවර වෙනකොට මේ ඔක්කොම ගොඩ දාගත්ත දෙන්න. දැන් ලේසර් දෙකම වැඩ, ශාම් අද නයිට් මොකො දන්නවද, ලේසර් දෙකෙන්ක් එකක් හරි ප්‍රශ්නයක් උන ගමන් ශාම්ට ඊමේල් එකක් එවනවා. ඉතින් එහෙම ආවොත් රෑ දවාලක් නෑ ලෙඩෙ හොයල බෙහෙත් කරන්න ඔනෙ.
 පිස්සුවගේ දැන් නම් හුගාක් ලිව අද..

තව් ඩින්ගිත්තෙන් අමතක වෙනවනෙ දවස කතාව, ශාම් අද කාළගුණ පර්යේෂණාගාරයෙන් අහසට යවන බැලුමක් ගුවන් ගත කලා. බැලුම තව පොඩ්ඩෙන් ශාම්වත් අරන් උඩ යන්වා. එමලි ගත්ත ශාම්ගෙ පොටො, අරගෙන ශාම්ගෙ රිසර්ච් සුපර්වයිසර්ට ඊමේල් එකකුත් දැම්මා, පොඩ්ඩක් හොයලා බලන්න දැන් ශාම් twitter එකෙ ජනප්‍රිය වෙලා ඇති :P


 



ආහ් මේ දන්නවද අද දවල් කෑමට බත් තිබුනා.හප්පේ බඩ පිරෙන්න බත් කෑවා. හොද දවසක්, ලොකුම සහ එකම පැතුම මුලු රෑම එකතු වෙන දත්ත නිවැරදි වේවා, ශාම්ගේ ජීවිතේ යහපත් වේව!! :P 

පස්සේ ලියන්නම් අමතක උන ඒවා, අනිත් එක මේ එකතු කරන දත්ත ගැන පොඩ්ඩක් දැනට අර උඩින් ඩීපු සයිට් එකෙන් බලාගන්නකො නිදි මතායි දැන්.

Sun was there was couple of hours 

Wednesday 26 February 2014

යුරීකා!!!!!!

අද දවස ගැන කියලා ඉවරයක් කරන්න බැරි තරම්, ඉතින් මං හිතුවා කොටස් වශයෙන් කතාව කියන්න. මුලින්ම මේ කොටසින් දැන් මං ඉන්න තැන ගැන, ඊට පස්සේ චාටර් ෆ්ලයිට් එක ගැන ;) චාටර් කියන්නේ නම හොදේ ඒක චාටර් නෑ. ඊට පස්සේ ගමන මගදි නවත්තපු තැන් ගැන. හ්ම්ම්ම්.........

Charter Flight

ඔන්න ඉතින් හරිම සතුටු දායක දවසක් තමයි අද, ශාම්ගේ ජීව්තයේ රං අකුරින් ලියවෙන දවස තමයි මේ. ශාම් ඇතුලු පිරිස ආවා. ප්ලේන් එක බානකොට ටිකක් විතර බය හිතුනා, මොකද පොඩි පහේ හුලගක් නොවැ තිබුනේ ;)

හිතුවට වඩා යුරීකා ජිවිතේ සුන්දරයි වගේ. ශාම් ඇතුලු කට්ටියව එක්කන් යන්න වාහන දෙකක් ආවා.ඒකෙන් ඇවිල්ලා බැස්සේ කැනඩා පරිසර වැඩසටනට අයිති කාළගුණ පර්යේෂණාගාරයට, එතන තමයි ශාම් තව සති 3ක් ඉන්න යන්නේ. ඈතට පෙනුනේ පුන්චි කන්ටර්නරයක් වගේ, ඇතුලට ආවම තමයි තේරුනේ මේක තරු හෝටලයක සමාන බව. ශාම් ගොඩ බහින කොට වෙලාව යුරීකා වෙලාවෙන් 5යි.5.30ට රෑ කෑමට එන්න කිඋවා, බඩගින්නක් පලාතෙ නෑ, ඒත් ඉතින් කෑමක්නේ කෑම කාමරෑට ගියාම නිකන් බුෆේ එකකට ගියා වගේ. ෆ්‍රිජ් එකක් පිරෙන්න කිරි, පළතුරු යුශ, එක එක බීම ජාති. එක මේසෙක ඔක්කොම පැනිරස ජාති ,කේක්,පුඩින්,ජෙලි...කුස්සියත් එක්කම ප්‍රදාන කෑම ඇරල තිබුනා. බැටලු මස්,තක්කාලි සුප්,ලසන්යා,තාම්බපු එලවලු,අමු එලවලු,පාන්, පිකල්,සෝස් ජාති 10-15. කොහෙන් පටන් ගන්නද මන්ද.

හොදට කාල් බීල ශාම් ගියා එයාගෙ කාරමේ බලන්න, පිස්සු වගේ ශාම් ඉන්නේ අර්ටික් නෙමේද මන්දා :O ඇදන් 4ක් තියනව අදුන් අල්මාරි, මේස ලාම්පු,එකී මෙකී නොකී නිදන කාමරයකට ඕනේ දේවල් තියනවා.


පස්සේ ශාම් ඇතුලු කට්ටියට නීති සහ පරිස්සමෙන් වැඩ කටයුතු කරන විදිය කියල දුන්නා කාළගුණ පර්යේෂණාගාරයේ ප්‍රධානියා, වටේම එක්කගෙන ගියා, ජිම් එක,ටීවී කාමරය,පුස්තකාලය,රෙදි හොදන කාමරය,කට්ටිය සෙට් වෙන කාමරය (පොඩි බාර් එකකුත් තියනවා ). මේක මරු තැනක්. කොහොම හරි ශාම්ට අන්තර්ජාල පහසුකම එයාත් එක්ක ගිය කණ්ඩායමේ ප්‍රධානියා හදලා දුන්න, සතුටේ බෑ. අම්මාටයි යාලුවො ටිකටයි ඊමේල් එකක් එහෙම දාල පොඩි විවේකයක් ගන්න හදනකොටම ආරන්චියක් ආවා වේතෙර් බලූන් එකක් යවන්න කට්ටිය රෙඩි කියලා. දුවල දුවලා ගිහින් ඒකත් බැලුව ශාම්.

ඊටත් පස්සෙ ආයෙත් පොඩි චෙන්ජ් එකක් ගන්න යනකොට එමලි ඇහුව OPALඑකට යමුද කියලා.OPAL කියන්නේ ශාම් වැඩ කරන්න යන පර්යේෂණාගාරය. ශාම්ගෙ කාමරයට මෙතන හොදට පේනවා.
OPAL

රෑ 8 ට විතර ශාම් සහ එමලි ඔන්න ගියා Oඵැළ් එකට ගිහින් ලයිට් දාල, ලේසර් එකින් එක වැඩ කරනවද බලන්න ලෑස්ති උනා. එතකොට තමයි එමලි කිඋවේ ශාම්ට යමු ගිහින් ලේසර් එක අහසට යන තැන වහලේ හිම සුද්ද කරන්න වහලට නගිමු කියලා. දෙන්නත් එක්ක ආයෙත් ගිහින් වහලට නැග්ගා. නැගල අවට බලල, හිම එහෙමත් අස් කරලා අයෙත් ලැබ් එකට අවා.තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්න මෙහේ අද උෂ්ණතවය -49`, මරුනේ !!



ලැබ් එකේ වැඩ කියුවට ඉතින් ඔයාලටත් වැඩි දෙයක් තේරෙන එකක් නෑ, මොකො දන්නවද ශාම්ටත් තාම කරන්න යන දේ හරියට තේරෙන්නේ නැති නිසා. කොහොම කොහොම හරි ශාම් එමලිගෙන් හුගාක් දෙවල් ඉගෙන ගත්තා.

පහුගිය අවුරුද්දේ එමලි යුරීක ආව නොවැම්බර් වල එතකොට අමතක වෙලා ලැබ් එකේ දාල ගියපු කෙහෙල් ගෙඩියකට වෙලා තිබුන දේ ඔන්න බලාගන්නකො.


පලවෙනි වතාවට ශාම් එමලි එක්ක එකතු වෙලා රෑ 11ට විතර කොළ පාට ලේසර් එක අහසට යැව්ව, අද මුලු රෑම ශාම් සහ එමලි අවදියෙන් මොකද එලි වෙනකන් ලේසර් එක වැඩ, දත්ත එකතු කරනවා.




ඔක්කොම කලබලේ කරන්න වෙලා තියෙන්නේ එමලි තව දින 6කින් ආපහු යන නිසා, ශාම් ඔක්කොම දේවල් ඉගෙන ගන්න එපඉ.කොහෙ නිදාගන්නද :( හෙට ආයෙත් ලියන්නම් හොදටම මහන්සි අද.

හෙමින් හෙමින් අනිත් විස්තර කියන්නම් පාන්දර එකයි උදේ 7.30 කන්න නැගිටින්න ඕනේ :ඪD














Tuesday 25 February 2014

කඩේ යෑම සහ අයිස් මාළිගාව

යුරීකා ගමන දවසකින් කල් ගියපු නිසා කට්ටිය අද හවසත් එලියට බැස්සා පොඩ්ඩක් අවට සිරි නරඹලා මතක සටහන් ටිකකුත් එකතු කරගන්න. ශාම් කරන්න දන්නේ නැතිම දෙයක් තමයි ශොපින් කියන්නේ :ඵ් යෙලෝනයිෆ් වල තියන ආර්ට් ගැලරි දෙකකටම ගියා ඉතින් කට්ටිය එකක හැමදේම ගිනි ගණන්, මැමත් දළ වලින් කැටයම් කරපු බොහෝමයක් දේවල් තිබුනා, ඒ විතරක් නෙමෙයි අපූරු චිත්‍ර බොහොමයක් 150$ වලට වැඩියෙන් ගනන් දාල තිබුන.




ඉතින් කඩේ ගියාම බඩු අරන් නෝන සිරිතක් ශාම්ට නැති නිසා එයා සල්ලි සල්ලි බලන්නෙ නැතුව පෝලර් බෙයර් පැටියෙක් සල්ලි වලටම ගත්තා. ඔක්කොම බඩු මුට්ටු ටික පාර්කාවෙ ඇතුලට දාගෙන ආයෙත් කට්ටිය ගියා මං කලින් දවසෙ කියුව අයිස් මාළිගාව බලන්න. ලගට යනකොට තමයි තෙරුනේ ශාම් ඇවිදන් යන්නේ හීතලට ගල් උන ජලාසෙ උඩ කියලා. සමහර තැන් වල පිපුරුම් තියනව කොයි වෙලේ අයිස් තට්ටුව කඩන් වැටෙයිද කියල හිත හිත ඉස්සරහට යනකොට ශාම් දැක්ක ගැබුරටම ගිහින් තියන අයිස් පිපුරුමක්, තව මාස ගානක් යනව ශුවර් ජලාශෙ වතුර පිරෙන්න.

අයිස් මාළිගව හතර පස් දෙනෙක්ට සැප පහසුවට ඉන්න තරන් ලොකු එකක්. හැබැයි ශාම්ට තියා කාටවත්ම බලන්න එන අයට නො එන්ට්‍රි. එතන වැඩ කරන අයට විතරයි මේ මාළිගාවට යන්න පුලුවන්. ජනෙල් එහෙම අයිස්. ඉර එලිය වැටිල ලස්සනේ බෑ. ලස්සන  සුනඛ් පෝතකයොත් මිනිස්සු එක්ක එහෙ මෙහෙ යන්වා මේ හීතලේ.

වැඩේ කියන්නේ මේකයි ශාම්ට එයාගෙ කැමරාව අමතකවෙලා කලින් හිටපු හොඅටල් කාමරේ එලියට එනකොට කැමර ලෙස්, ඉතින් යාලු පස්සෙ කාගෙන් හරි ඉල්ලගෙන අයිස් මාළිගාවෙ පොටො ටිකක් දාන්නම්කො. එතකන් කමා අවසර.

 අදට නවතින්නම් හෙට උදෙන්ම යුරීක යන්න එපැයි

අද නෙමේ හෙට..

යුරීකා යන ගමන දවසකින් කල් දාන්න අපිට සිද්දවුනා. වෙන මුකුත් නිසානෙමෙයි අයහපත් කාළගුණය නිසා. වැඩේ කියන්නේ යෙලෝනයිෆ් වලට හොදට ඉර පායලා,හොද පැහැදිලි අහසක් තියෙන්නේ. නමුත් අපේ ගමනෙ අතරමග කාළගුණය හොද නැති නිසා ගමන කල් දාන්න වුනා. හෙට උදෙන්ම යෙලෝනයිෆ් ඉදන් කේම්බ්‍රිජ් බේ වලට ගිහින්, එතනින් රෙසලුයිට් බේ වලටත් එතනින් යුරීකා වලටත් යන්න තමයි තියෙන්නේ. ඔක්කොම පැය හයක ගමනක්.

Satellite picture from google map


අදට කියන්න වැඩි දෙයක් නැති නිස ශාම් හිතුවා එයාගෙ යාලුවෙක්ගෙ බොල්ග් පිටුවක් ගැන කියන්න.  එමලි වෙස්ටර්න් ඔන්ටාරියෝ විශ්වවිද්‍යාලයේ  PhD හදාරනවා, යුරීකාවල  තියන CRL  LIDAR එඑකේ උදව්වෙන් වළාකුලු හා සම්බන්ධ පර්යේශන කටයුතු කරනවා. එමලි හුගාක් ආස කාඅන තැනක් තමයි යුරීකා. ඒ ගැන විස්තර මෙන්න මෙතනින් බලගන්න පුලුවන්. ඕන්න කට්ටියට බලාගන්න පුලුවන් එමඉල් ශාම් ගැන මොනාද ලියලා තියෙන්නෙත් කියලා
http://arctic-emily.blogspot.ca



තවත් පොඩි විස්තරයක් කියන්නම් CRLගැන. යුරීක (80N, 86W) වල තියන මේ LIDAR  (Light Detection And Ranging)  එකේ ප්‍රධන වශයෙන් චැනෙල් 8ක් තියන්ව , එක එක චැනෙල්  බාවිතයෙන් වළකුලුවල සහ වයුගෝලයේ තියන අංශු වල තොරතුරු,වායුගෝලිය උශ්ණත්වයන්, ජලවාශ්ප මිශ්‍රවූ ප්‍රමණයන් (ශාම් වැඩ කරන්න යන්නේ මේ ගැන ), මේ ආදි වයුගෝලිය තොරතුරු මනින්න පුලුවන්.   මේ ගැන විස්තර මේන්න මෙතනින් බලාගන්නව හොදයි.  http://en.wikipedia.org/wiki/Lidar

තව විස්තරයක් ඉක්මණටම ලියන්නම් එතකන් නවතින්නම් :)



උත්තර ධ්‍රැවයට යන අතරමග - Yellow Knife

ශාම්ගේ උත්තර ධ්‍රැව ගමන පටන් ගත්තේ 2014.02.24. ටොරොන්ටෝ ඉදන් වෙස්ට් ජෙට් යානකට කට්ටියම එඩ්මන්ටන් වලට ආවා.එතන ඉදන් අපි යෙලෝනයිෆ් වලට ආවා. යෙලෝනයිෆ් වල එක රැයක් ගත කරලා යුරීකා යන්න තමයි ප්ලෑන් එක තිබුනේ. කොහොම උනත් කියන්නම ඕනේ යෙලෝනයිෆ් කියන්නේ කැනඩාවෙ තියන තවත් එක නගරයක් උනාට මෙහේ වෙලාව ටොරොන්ටො වෙලාවට  වඩා පැය දෙකක් පිටිපස්සෙ තමයි තියෙන්නේ.


තවත් පොඩි විස්තරයක් කියුවොත් 2011 අවුරුද්දේ සංඛ්‍යා  ලේඛන වලට අනුව මෙහේ ඉන්නේ 20000 ටවත් අඩු ජනගහනයක්, හැබැයි Northwest පලාතෙ නැත්තම් කැනඩාවෙ වයබ කොටසෙ තියන ලොකුම ජනාවාසි නගරය තමයි මේක. උත්තර ධ්‍රැව වක්‍රයෙ(Arctic Circle) වල දකුණු දිශාවේ පිහිටිල තියන යෙලොනයිෆ් නගරය පිහිටුවලා තියෙන්නේ වර්ශ 1934 රත්‍රන් නිදි හමුවීමත් එක්ක. පහු කාලීනව මේ පලාතෙන් දියමන්ති පවා හමුවෙල තියනව.
ඉතාමත් දරුණු සීතලක් තමයි ශීත ඍතුවේ මේ පැත්තෙ තියෙන්නෙ සාමාන්‍ය වශයෙන් -26`c තමයි ජනවාරි මාසෙ, ජූලි මාසෙ 17`c වගේ උශ්නත්වක් තමයි තිය්නව කියල කියන්නෙ. කොහොම උනත් මේ අවුරුද්දෙ ශීත කාලෙ හුගක්ම දරුණු උන නිසාම, අපි ගොඩ බහිනකොට උශ්නත්වය -26`cක් වෙලා තිබුනා.








කොහොම කොහොම හරි හැන්ද වෙන්න කට්ටියත් එක්ක ශාම් ගියා අවට සිරි නරබන්න. පාර්කාවක් ඇදගෙන හිම සපත්තු එහෙම දාගෙන තමයි පිටත් උනේ. පස්සෙ වෙලාවක මේ වගේ පරිසරයක අදින ඇදුන් ගැන වෙනම විස්තරයක් දෙන්නම්කො, දැනට එස්කිමො කෙනෙක් මවාගන්නකො, ඒවගේ තමයි ශාම් එලියට බැස්සෙ. එතන ඉදන් යෙලොනයිෆ් පොඩි කදු ගැටේ වෙනකන් කි.මී. 5 විතර පයින්ම යනව දැන්. එක සපත්තුවකම බර 1.5කි.ග්‍ර. ඉතින් වේගෙන් ඇවිදිනව බොරු. මෙහෙම දිගටම ඇවිදගෙන යනකොට ඔන්න ටිකක් ටිකක් අත් දෙක ගල් වෙනව දැනෙනව, ටිකකින් නහයෙන් වතුර බේරෙනව, මෙන්න තවත් ටිකකින් ඇහිපිල්ලන් ගහන්නවත් බෑ. ශාම් ටිකක් ඇන්ටෙනාව දාල බැලුව අනිත් අයගෙ තත්වෙ, මොකද ශාම් එක්ක තව දෙන්නෙක් ඉන්නව මුලින්ම මේ ගමන යන, කට්ටිය ඔක්කොම 8 දෙනාගෙන් 5 දෙනෙක්ම හැම අවුරුද්දෙම යුරීක යන එන උදවිය.
පොඩ්ඩක් හැරිල බලුවම තමයි ශාම්ට වැඩේ තෙරුනෙ, සීතල හුලගට ඇහි පිල්ලන් වල හිම බැදිල,මූණ වටේම අයිස් මිදිල. ඒකත් මාර ෆන්. කොහොමෙන් කොහොම හරි පොඩි කදු මුදුනට නැගල වටෙ බැලුවම තෙරුනෙ ඇත්තටම ඉන්නේ උත්තර ධ්‍රැවයේ තමයි කියල. මුලු විශාල ජලාශයක්ම අයිස් වෙලා. එක උඩ මිනිස්සු අයිස් වලින් මාලිගයක් හදන්ව. සුදු පාට හිම සහ අයිස් අරෙන්න තියෙන්නෙ ගල් කදු. මැයි, ජුලි වෙනකොට හිම දිය වෙල ගියාම ගල් කදු වැටි හරි අපූරුවට පේනව කියල එක්කෙනෙක් කියන්ව ශාම්ට ඇහුනා.


එකෙත් හැටි මොන තරන් දරුණු සීතල පරිසරයක් උනත් පුදුම විදියට සුන්දරයි. එදා රෑ බ්ලැක් නයිට් පබ් එකෙන් කෑම එහෙම කාල ඉලග දවසෙ පාන්දර යුරීක යන්න බලාගෙන ශාම් නැවතිල හිටපු හෝටලයට අවා. අගේ මහන්සියටත් එක්ක අපූරුවට නින්දනම් ගියා.


තවත් විස්තර ඉස්සරහට කියන්නම්, විශේශයෙන්ම ශාම් එක්ක ඉන්න කට්ටිය ගැන සහ යූරීකා ගැන. එතකන් මෙතනින් යෙලෝනයිෆ් ගැන බලාගන්න පුලුවන්
http://en.wikipedia.org/wiki/Yellowknife








Saturday 22 February 2014

2013.02.23. හෙට අලුත් දවසක්, ලංකාවෙ ඉදන් කැනඩාවට ඇවිත් මාස හයකට ලං වෙලා. 

ජිවිතේ පලමුවතාවට හිම දැක්කෙ, එකත් එකටම මං මෙහේ ආව නිසාද කොහෙද කැනඩාවෙ සීත ඍතුව දරුණු වෙලා. කොහොම කොහොම හරි වින්ටර් එකෙන් තුනෙන් එකක් ගෙවාගත්තා කියමුකෝ ලන්ඩන් වල. ඉතුරු තුනෙන් එක ගෙවන්න වෙලා තියෙන්නේ යුරීකා එහෙමත් නැත්තම් , ලෝකේ තියන හීතලම තැනක. ආසන්න වශයෙන් කියුවොත් උත්තර ධ්‍රැවයෙ කොටසක. 

මේක මගෙ ජිවිතේ තිබුන හීනයක්.  මගේ පර්යේශන ගැන, යුරීකාව ගැන, කැනේඩියානු ATMOSPHERIC PHYSICS (වායුගෝලීය ) පර්යේශන ගැන බොහෝ දේවල් ඉදිරි දින කීපයේ ලියන්න තමයි මගේ බලාපොරොත්තුව. හැබැයි ඒ හැම දෙයක්ම විස්තර ඇතුව ලියන්නේ EUREKA ඉදගෙනම තමයි.