ජිවිතේ පලමුවතාවට හිම දැක්කෙ, එකත් එකටම මං මෙහේ ආව නිසාද කොහෙද කැනඩාවෙ සීත ඍතුව දරුණු වෙලා. කොහොම කොහොම හරි වින්ටර් එකෙන් තුනෙන් එකක් ගෙවාගත්තා කියමුකෝ ලන්ඩන් වල. ඉතුරු තුනෙන් එක ගෙවන්න වෙලා තියෙන්නේ යුරීකා එහෙමත් නැත්තම් , ලෝකේ තියන හීතලම තැනක. ආසන්න වශයෙන් කියුවොත් උත්තර ධ්‍රැවයෙ කොටසක.
මේක මගෙ ජිවිතේ තිබුන හීනයක්. මගේ පර්යේශන ගැන, යුරීකාව ගැන, කැනේඩියානු ATMOSPHERIC PHYSICS (වායුගෝලීය ) පර්යේශන ගැන බොහෝ දේවල් ඉදිරි දින කීපයේ ලියන්න තමයි මගේ බලාපොරොත්තුව. හැබැයි ඒ හැම දෙයක්ම විස්තර ඇතුව ලියන්නේ EUREKA ඉදගෙනම තමයි.
That's cool :)
ReplyDelete