Friday 28 February 2014

යුරීකා වල තවත් දවසක්

මුලින්ම කියන්න ඕන අද ශාම්ට තැපැල් කන්තෝරුවේ ලොක්කා එක්ක කතා කරන්න වෙලා නැති උනා.හැබැයි අද හෙටම හීතලම තැපැල් කන්තොරුව ගැන කියන්නම්.සමාව භජනය කරත්වා!!!

ඕකේ එහෙනම් දවසේ විස්තර නැතිනම් උත්තර ධ්‍රැවයේ තොරතුරු. ඊයේ මුලු රෑම ශාම් වැඩ කරන ලේසර් දත්ත එකතු කලා. දත්ත කියුවේ වායුගෝලයේ එක එක උසවල් වල තියන අංශු ප්‍රමාණ,ඔක්සිජන්, නයිට්‍රජන්,ජලවාශ්ප, ප්‍රමාණ මේ ආදී දත්ත. ලගදිම දවසක ශාම් කියන්න බලාපොරොත්තු වෙනවා LIDAR එකක මොනාද වෙන්නේ කියලා.පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා ඉතින්, මොනවා කරන්නද වෙලාව මදි හුගාක් දීවල් ලියන්න.

ඉතින් එකතු කරපු දත්තවල සමහර ඒවා හුගාක් වැඩිපුර ලැබිලා තිබුනා.ඉතින් එමලි කියුවා එහෙම අමුතු එහෙමත් නැත්නම් සාමාන්‍යයට එහා දත්ත ලැබෙන්න එක හේතුවක් කියලා වලාකුලු තියන එක. එමලිට ඕනේ හුගාක් වලාකුලු තියන වෙලාවට ලැබෙන දත්ත. ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා ලේසර් එක උදෙන්ම වැඩ කරන එක නැවැත්තුවා,නවත්තලා ලේසර් කිරණ අහසට යොමු කරන කණ්නාඩියට යන්තම් උඩින් පෝලරයිසර් එකක්, සරලව කියුවොත් සව් කඩදාසියක් වගේ එකක් අලෙව්වා. මේකෙන් වෙන්නේ අහසට ගියපු ලේසර් කිරණ එක එක උස මට්ටම් වලදි ආපහු හැරිලා එනකොට(පරාවර්තනය, Back Scattering) කඩදාසිය හරහා ගිහින් ෆොටොන් ගනන් කරන උපකරණයට (Photo Multiplier Tube ) එනවා. එතකොට ලැබෙන්නෙ වලාකුලු සහ අන්ශු ආදියෙන් එන දත්ත තමයි හුගාක් අතුලට එන්නේ.



කොළ අලවන්න දෙන්නට ටිකක් වෙලා ගියා මොකද ලේසර් කාමරේ දෙන්නෙක්ට හැරෙන්නත් අමාරුයි ඒ තරම් පොඩි.අනිත් එක දෙන්නම ලේසර් තියන මේසෙ උඩට නගින්න ඕනේ,වයර් හැමතැනම. ඉතින් ඒ වැඩේ කරලා ආයෙත් UV සහ කොළපාට ලේසර් දෙකම අහසට යොමු කලා. අද ඒ වැඩේ ශාම් තමයි කලේ, එමලි ලග ඉදගෙන කරන විදිය කියලා දුන්නා.



දවල් කෑමෙන් පස්සේ ශාම් සහ එමලි වඩු වැඩ කරන්න පටන් ගත්තා, උදේ අත්වැඩනේ කලේ,කොල කපනවා අලවනවා. හවස ලීයක් හොයලා එකේ හිල් විදලා එකට කාඩ්බෝඩ්වලින් හදාගතිපු කෝණ මානයක් වගේ එකකුත් හදලා, තියන ඇණ ඔක්කොම අරගෙන දෙන්නත් එක්ක එමලිගේ පර්යේශනයට ඕනේ කරන පුන්චි උපකරණයක් හැදුවා.

යුරීකා එනකොට වඩුවැඩ,කරන්ට් වැඩ,ලේසර් වැඩ ඔක්කොම ඉගෙන ගෙන එන්න ඕනේ.


පස්සේ ආයෙත් ලේසර් මේසේ උඩ නැගලා ශාම් පැය දෙකක් හිටගෙන හිටියා එමලිට ඕනේ Callibration එක කරනකන් උදව්වට.

අද තව අලුත් වැඩක් කලා කාළගුණ කට්ටිය එයාල අද ඕසෝන් බැලුමක්  යැව්වා දත්ත එකතු කරන්න. ශාම් මහන්සි නොබලා ඒ වැඩේ බලන්නත් ගියා.ඊයේ යවපු බැලුන් එක සාමාන්‍ය කාළගුණ බැලුමක් මේ බැලුම ජෙලිෆිශ් කෙනෙක් වගේ. එයා උඩට යන්නේ ජෙලිෆිශ් යනවා වගේම තමයි.මේකෙන් හුගක්ම එකතු කරන්නේ ඕසොන් ප්‍රමාණ ගැන. සතියකට දවසක් විතර මේවා එකක් යවනවමලු. අනිත් විශේශතාවය තමයි මේ බැලුම අහසේ හුගාක් ඉහල උසකට යනවා. සාමන්‍ය බැලුමකට වඩා. එහෙම වෙන්නම එපැයි, මොකද ඕසොඅන් ස්ථරය තියෙන්නෙ කාළගුණයට බලපාන වාහුගොලීය ස්තරයට වඩා ඉහලින්නේ.





ඊටත් පස්සේ කට්ටියම හවස 7ට පොඩි වොක් එකකට ගියා. අඩි දහයක් යනකොට ඔන්න අත් දෙක ගල් නහය ගල් ඇහිබැමි ගල්, මූන වටේම හිම බැදිලා හා හා මරු !
ඒ මදිවට දාගෙන ගියම හිම කණ්ණාඩියේ අයිස් බැදිලා පාර පේන්නේ නෑ.ඉතින් එක ගලවල දාගත්ත අතුලට.ඔහොම 1කිමී විතර යනකොට මෙන්න අයිස් දිය වෙනවා මූන දියේ හොදටම දාඩිය දාලා. හැබැයි නහයෙන් වතුර ගලනවා.


ශාම් හොදට සතුටු උනා මේ හැන්දෑ ඇවිදින්න ගිය ගමනෙන්. සෑහෙන්න දුරක් ගිහින් ආපහු එනකොට ඈතට හරි අපූරුවට පේනවා කොල පාට ලේසර් කිරණැ අහස විදගෙන ඉහලට යන්වා. ආසාවේ බෑ.

අදට නවතින්නම්, ඉරිදා නිවඩු දවසේ හුගාක් ලියන්නම්.

මෙන්න මේවත් බලන්න හුගාක් පින්තූර සහ අනිත් අයගෙ පර්යේෂණ විස්තර දාලා තියනවා

https://twitter.com/createarcticsci




http://createarcticscience.wordpress.com




No comments:

Post a Comment