Wednesday 26 February 2014

යුරීකා!!!!!!

අද දවස ගැන කියලා ඉවරයක් කරන්න බැරි තරම්, ඉතින් මං හිතුවා කොටස් වශයෙන් කතාව කියන්න. මුලින්ම මේ කොටසින් දැන් මං ඉන්න තැන ගැන, ඊට පස්සේ චාටර් ෆ්ලයිට් එක ගැන ;) චාටර් කියන්නේ නම හොදේ ඒක චාටර් නෑ. ඊට පස්සේ ගමන මගදි නවත්තපු තැන් ගැන. හ්ම්ම්ම්.........

Charter Flight

ඔන්න ඉතින් හරිම සතුටු දායක දවසක් තමයි අද, ශාම්ගේ ජීව්තයේ රං අකුරින් ලියවෙන දවස තමයි මේ. ශාම් ඇතුලු පිරිස ආවා. ප්ලේන් එක බානකොට ටිකක් විතර බය හිතුනා, මොකද පොඩි පහේ හුලගක් නොවැ තිබුනේ ;)

හිතුවට වඩා යුරීකා ජිවිතේ සුන්දරයි වගේ. ශාම් ඇතුලු කට්ටියව එක්කන් යන්න වාහන දෙකක් ආවා.ඒකෙන් ඇවිල්ලා බැස්සේ කැනඩා පරිසර වැඩසටනට අයිති කාළගුණ පර්යේෂණාගාරයට, එතන තමයි ශාම් තව සති 3ක් ඉන්න යන්නේ. ඈතට පෙනුනේ පුන්චි කන්ටර්නරයක් වගේ, ඇතුලට ආවම තමයි තේරුනේ මේක තරු හෝටලයක සමාන බව. ශාම් ගොඩ බහින කොට වෙලාව යුරීකා වෙලාවෙන් 5යි.5.30ට රෑ කෑමට එන්න කිඋවා, බඩගින්නක් පලාතෙ නෑ, ඒත් ඉතින් කෑමක්නේ කෑම කාමරෑට ගියාම නිකන් බුෆේ එකකට ගියා වගේ. ෆ්‍රිජ් එකක් පිරෙන්න කිරි, පළතුරු යුශ, එක එක බීම ජාති. එක මේසෙක ඔක්කොම පැනිරස ජාති ,කේක්,පුඩින්,ජෙලි...කුස්සියත් එක්කම ප්‍රදාන කෑම ඇරල තිබුනා. බැටලු මස්,තක්කාලි සුප්,ලසන්යා,තාම්බපු එලවලු,අමු එලවලු,පාන්, පිකල්,සෝස් ජාති 10-15. කොහෙන් පටන් ගන්නද මන්ද.

හොදට කාල් බීල ශාම් ගියා එයාගෙ කාරමේ බලන්න, පිස්සු වගේ ශාම් ඉන්නේ අර්ටික් නෙමේද මන්දා :O ඇදන් 4ක් තියනව අදුන් අල්මාරි, මේස ලාම්පු,එකී මෙකී නොකී නිදන කාමරයකට ඕනේ දේවල් තියනවා.


පස්සේ ශාම් ඇතුලු කට්ටියට නීති සහ පරිස්සමෙන් වැඩ කටයුතු කරන විදිය කියල දුන්නා කාළගුණ පර්යේෂණාගාරයේ ප්‍රධානියා, වටේම එක්කගෙන ගියා, ජිම් එක,ටීවී කාමරය,පුස්තකාලය,රෙදි හොදන කාමරය,කට්ටිය සෙට් වෙන කාමරය (පොඩි බාර් එකකුත් තියනවා ). මේක මරු තැනක්. කොහොම හරි ශාම්ට අන්තර්ජාල පහසුකම එයාත් එක්ක ගිය කණ්ඩායමේ ප්‍රධානියා හදලා දුන්න, සතුටේ බෑ. අම්මාටයි යාලුවො ටිකටයි ඊමේල් එකක් එහෙම දාල පොඩි විවේකයක් ගන්න හදනකොටම ආරන්චියක් ආවා වේතෙර් බලූන් එකක් යවන්න කට්ටිය රෙඩි කියලා. දුවල දුවලා ගිහින් ඒකත් බැලුව ශාම්.

ඊටත් පස්සෙ ආයෙත් පොඩි චෙන්ජ් එකක් ගන්න යනකොට එමලි ඇහුව OPALඑකට යමුද කියලා.OPAL කියන්නේ ශාම් වැඩ කරන්න යන පර්යේෂණාගාරය. ශාම්ගෙ කාමරයට මෙතන හොදට පේනවා.
OPAL

රෑ 8 ට විතර ශාම් සහ එමලි ඔන්න ගියා Oඵැළ් එකට ගිහින් ලයිට් දාල, ලේසර් එකින් එක වැඩ කරනවද බලන්න ලෑස්ති උනා. එතකොට තමයි එමලි කිඋවේ ශාම්ට යමු ගිහින් ලේසර් එක අහසට යන තැන වහලේ හිම සුද්ද කරන්න වහලට නගිමු කියලා. දෙන්නත් එක්ක ආයෙත් ගිහින් වහලට නැග්ගා. නැගල අවට බලල, හිම එහෙමත් අස් කරලා අයෙත් ලැබ් එකට අවා.තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්න මෙහේ අද උෂ්ණතවය -49`, මරුනේ !!



ලැබ් එකේ වැඩ කියුවට ඉතින් ඔයාලටත් වැඩි දෙයක් තේරෙන එකක් නෑ, මොකො දන්නවද ශාම්ටත් තාම කරන්න යන දේ හරියට තේරෙන්නේ නැති නිසා. කොහොම කොහොම හරි ශාම් එමලිගෙන් හුගාක් දෙවල් ඉගෙන ගත්තා.

පහුගිය අවුරුද්දේ එමලි යුරීක ආව නොවැම්බර් වල එතකොට අමතක වෙලා ලැබ් එකේ දාල ගියපු කෙහෙල් ගෙඩියකට වෙලා තිබුන දේ ඔන්න බලාගන්නකො.


පලවෙනි වතාවට ශාම් එමලි එක්ක එකතු වෙලා රෑ 11ට විතර කොළ පාට ලේසර් එක අහසට යැව්ව, අද මුලු රෑම ශාම් සහ එමලි අවදියෙන් මොකද එලි වෙනකන් ලේසර් එක වැඩ, දත්ත එකතු කරනවා.




ඔක්කොම කලබලේ කරන්න වෙලා තියෙන්නේ එමලි තව දින 6කින් ආපහු යන නිසා, ශාම් ඔක්කොම දේවල් ඉගෙන ගන්න එපඉ.කොහෙ නිදාගන්නද :( හෙට ආයෙත් ලියන්නම් හොදටම මහන්සි අද.

හෙමින් හෙමින් අනිත් විස්තර කියන්නම් පාන්දර එකයි උදේ 7.30 කන්න නැගිටින්න ඕනේ :ඪD














6 comments:

  1. කරන දේ නොතේරුනාට කමක් නෑ. තේරෙන ටික හරි ලියන්න. ලේසර් එකක් අහසට යවලා එකතු කරපු දත්ත මොනවද, එකතු කරන්නේ කොහොමද වගේ දේවලුත් ලිවුවොත් කියවන අයට ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
  2. පුලුවන් තරන් විස්තර ඇතුව ලියන්න උත්සාහ කරන්නම් :) බොහොම ස්තූතියි!

    ReplyDelete
  3. wow Sham....so happy for you..keep us updated on your adventure...this is getting so interesting...tc! You will do great :)

    ReplyDelete
  4. ඇයි මේක third person ලියන්නෙ? first person ලිව්වනං මීට වඩා ලස්සනයි කියලා හිතෙනවා... මොකද මේක ඔයා අත්දැකපු ඔයාගෙම අත්දැකීම් නිසා..

    ReplyDelete
  5. මට හිතුනේ මෙහෙම ලියන්න අනේ මන්දා ඇයි කියලා. මම කැමති මෙහෙම ලියන්න දැන්.අය්යා කියන කතාව හරි හැබැයි.

    ReplyDelete
  6. දිගටම ලියන්න අක්කේ.....කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නිසා ගොඩක් වටිනව...!

    ReplyDelete