ඉතාමත් දරුණු සීතලක් තමයි ශීත ඍතුවේ මේ පැත්තෙ තියෙන්නෙ සාමාන්‍ය වශයෙන් -26`c තමයි ජනවාරි මාසෙ, ජූලි මාසෙ 17`c වගේ උශ්නත්වක් තමයි තිය්නව කියල කියන්නෙ. කොහොම උනත් මේ අවුරුද්දෙ ශීත කාලෙ හුගක්ම දරුණු උන නිසාම, අපි ගොඩ බහිනකොට උශ්නත්වය -26`cක් වෙලා තිබුනා.
කොහොම කොහොම හරි හැන්ද වෙන්න කට්ටියත් එක්ක ශාම් ගියා අවට සිරි නරබන්න. පාර්කාවක් ඇදගෙන හිම සපත්තු එහෙම දාගෙන තමයි පිටත් උනේ. පස්සෙ වෙලාවක මේ වගේ පරිසරයක අදින ඇදුන් ගැන වෙනම විස්තරයක් දෙන්නම්කො, දැනට එස්කිමො කෙනෙක් මවාගන්නකො, ඒවගේ තමයි ශාම් එලියට බැස්සෙ. එතන ඉදන් යෙලොනයිෆ් පොඩි කදු ගැටේ වෙනකන් කි.මී. 5 විතර පයින්ම යනව දැන්. එක සපත්තුවකම බර 1.5කි.ග්‍ර. ඉතින් වේගෙන් ඇවිදිනව බොරු. මෙහෙම දිගටම ඇවිදගෙන යනකොට ඔන්න ටිකක් ටිකක් අත් දෙක ගල් වෙනව දැනෙනව, ටිකකින් නහයෙන් වතුර බේරෙනව, මෙන්න තවත් ටිකකින් ඇහිපිල්ලන් ගහන්නවත් බෑ. ශාම් ටිකක් ඇන්ටෙනාව දාල බැලුව අනිත් අයගෙ තත්වෙ, මොකද ශාම් එක්ක තව දෙන්නෙක් ඉන්නව මුලින්ම මේ ගමන යන, කට්ටිය ඔක්කොම 8 දෙනාගෙන් 5 දෙනෙක්ම හැම අවුරුද්දෙම යුරීක යන එන උදවිය.
පොඩ්ඩක් හැරිල බලුවම තමයි ශාම්ට වැඩේ තෙරුනෙ, සීතල හුලගට ඇහි පිල්ලන් වල හිම බැදිල,මූණ වටේම අයිස් මිදිල. ඒකත් මාර ෆන්. කොහොමෙන් කොහොම හරි පොඩි කදු මුදුනට නැගල වටෙ බැලුවම තෙරුනෙ ඇත්තටම ඉන්නේ උත්තර ධ්‍රැවයේ තමයි කියල. මුලු විශාල ජලාශයක්ම අයිස් වෙලා. එක උඩ මිනිස්සු අයිස් වලින් මාලිගයක් හදන්ව. සුදු පාට හිම සහ අයිස් අරෙන්න තියෙන්නෙ ගල් කදු. මැයි, ජුලි වෙනකොට හිම දිය වෙල ගියාම ගල් කදු වැටි හරි අපූරුවට පේනව කියල එක්කෙනෙක් කියන්ව ශාම්ට ඇහුනා.
එකෙත් හැටි මොන තරන් දරුණු සීතල පරිසරයක් උනත් පුදුම විදියට සුන්දරයි. එදා රෑ බ්ලැක් නයිට් පබ් එකෙන් කෑම එහෙම කාල ඉලග දවසෙ පාන්දර යුරීක යන්න බලාගෙන ශාම් නැවතිල හිටපු හෝටලයට අවා. අගේ මහන්සියටත් එක්ක අපූරුවට නින්දනම් ගියා.
http://en.wikipedia.org/wiki/Yellowknife
Yellowknife දැක්කා Ice Road Truckers කියන NatGeo සීරීස් එකේදි.
ReplyDelete(ඒකෙ කියවෙන්නෙත් මිදිලා ගල් උන විල් උඪීණෟ උතුරු කැනඩාවේ තියෙන රන් හා දියමන්ති නිධි වලට සැපයුම් ගෙනියන ට්‍රක් රථ ගැනනේ)
අද හෙටම තව කොටසක් ලියන්නම් යෙලෝනයිෆ් ගැන වෙලාව පිලිබද ප්‍රශ්නයක් තියෙන්නේ.හුගාක් තැන් ගැන ලියලා නෑ මම. ඉස්සරහට ලියන්නම්.
ReplyDelete