Sunday 16 March 2014

මේ දෙව්ලොවයි හිම කදු මුදුනට පෙනෙන

පාරාදීසය කියලා කියන්නේ මෙන්න මේකට, පුන්චි කදුගැටයක් උඩ තියන රිඩ්ජ් ලැබ් එකේ ඉදන් හිම කන්ද දිගේ පහලට ලිස්සා ගිහින් ආයෙත් කන්දක් උඩට නැග්ගම තමයි මේ අපූරු පාරාදීසය හම්බුවෙන්නේ. මුලු ලෝකෙම අමතක කරලා දාලා ඉන්න පුලුවන්

දිදුලන හිරු දෙවිදුනම් සක්‍ර,
වලාපට නොඅනුමානය දෙවගන රගන,
මේ දෙව්ලොවයි හිම කදු මුදුනට පෙනෙන,
අහෝ දෑස් කිම නොදකින හිම කතරේ සුරපුර මැවුන





මේ කදු ගටේ උඩට අවාම ඈත තියන තවත් පුන්චි දූපතක් පවා පේනවා. හැබැයි මහ මුහුද සේරම හීතලට ගල්වෙලා. වලාකුලු අතරින් හිරු කිරණ පෙරිලා හරි අපූරුවට පොලවට එනවා, ඒත් ඒ හිරු කිරණට මහ පොළව සිබින්න වරම් නෑ. දිලිසෙන පිවිතුරු හිම පියලි ආපහු හිරු රැස් අහසට හරවලා යවනවා. රැහැය්යෙක්වත් නෑ නිහඩ බව බිදින්න. හීතල කදු මුදුනේ හීතලම හීතල හුලන් වැදි වැදී පොළව මත වැතිරිලා දැඑස් වහගෙන ඉන්න ශාම් අමතක කලේ නැ.



මුලු ලොවම නැති උනත් එකම එක තැනක් තියේවි පරිස්සමට ආපහු දවසක ශාම්ට ඇවිත් සොබා රස විදලා යන්න, ඒ වෙන කිසිම තැනක් නොවී මෙතැනම වෙන්න කියලා ශාම් ප්‍රාර්ථනා කරනවා.

1 comment:

  1. Sham you might not know me, I started reading your blog from the details I got from Chamal Pradeep..

    I'm telling you your blog is super interesting..Whatever the precious experiences your are getting there at Arctic..is something a normal person will never be able to get in their life time..

    A person with the same spirit and attitude who likes adventure, who likes travelling will know that..

    Upload more posts and pictures to the blog..it's getting interesting day by day...and wish you all the best sis..

    Vidath

    ReplyDelete