Friday 7 March 2014

හිම කදු තරණය සහ රෝස ගල් දඩයම

ඊයේ හැන්දැවේ ශාම් ඇතුලු කට්ටිය පොඩ්ඩක් ඇවිදින්න ගියා කියලා දන්නවනේ.කොහෙද ගියේ කියලා සහ ගමන ගැන විස්තර කියන්න තමයි අද මේ ලෑස්ති වෙන්නේ. හැබැයි දැන් කට්ටිය ෆිල්ම් එකක් බලන්න සෙට් වෙලා ඉන්නේ කතාව කෙටි වෙයි.

ශාම් ඇවිදින්න ගියේ 0PAL එහෙම නැත්තම් ශාම් වැඩ කරන ලැබ් එක පිටිපස්සේ තියන කදුපන්තියට.හෙමින් හෙමින් කදු නගින්න පටන් ගත්තා කට්ටිය.හරිම ෆන් වැඩේ හිමවලට යට තියන අයිස් තට්ටු පේන්නේ නෑ.ඉතින් සමහර තැන් වලට අඩිය තියන කොට අයිස් තට්ටු ඉරිතලන හඩ ඇහෙනවා.හැබැයි බය වෙන්න දෙයක් නෑ ශාම්ගේ කණ්ඩායමේ ලොක්කා යූරීකාවල හැමතැනම දන්නවා, හැම තැනම ඇවිදලා තියනව. කිසිම භයානක දෙයක් කරන්න එයා එහෙම ඉඩ දෙන්න්නේ නෑ

මේ තියෙන්නේ ශාම් නැගපු කන්ද

 කන්ද උඩට නැග්ගම ඈත කදු හොදට පේනවා, ගල් වෙලා ගිය වතුර පාරවල්. උත්තරධ්‍රැවයේ ඉන්න සුදු හාවන්ගේ සහ නරියන්ගේ අඩි පාරවල් හැමතැනම තිබුනා.ඉතින් හැමෝම අඩි පාරවල් දිගේ කන්ද උඩටම ගියා එකම එක සතෙක්වත් දකින්න. ලස්සනම දෙයක් තමයි කදුවල තාමත් කොලපාට තණකොල තියනව.හැබැයි හිම තට්ටුවලට වැහිලා. පුදුම සුන්දරත්වයක් සහ පුදුම නිහඩතාවයක් තියෙන්නේ. කවදාහරි දවසක ශාම්ට තමන්ටම කියලා ගුවන් යානයක් ගන්න ලැබුනොත් අනිවා මෙතන හඩන්වා පොඩි පැල් කොටයක් ඇවිත් නිදහසේ ඉදල යන්න. වැදගත්ම දේ තමයි තාම මේ පලාත බොහොඅ මිනිස්සුන්ගේ ඇස ගැටිලා නැතිනිසා හරිම කිසිම නරකක් නපුරක් නැතුව ලස්සනට තියන්වා. මෙහෙ ඉන්න හැමොම මේ පරිසරයට ආදරේ කරනව නිසා කිසිම සතෙක්ටවත් ගහකට මලකට සහ කොලයටවත් හානියක් නෑ.

දැන් අහයි අයිස් ගොඩේ කොහෙද ගස් කොල මල් කියලා. යුරීකා වල හිම තියෙන්නේ ශීතකාලෙ විතරයි, දක්ශිණධ්‍රැවයේ වගෙ මාස 8ක දිග ශීත කාලයක් මෙහෙට නැහැ. වස්සන්ත කාලයට මේ පලාත බලන්න අපූරුයිලු. ඒ පින්තූර ඔයාලට පෝස්ට් කාඩ් වලින් පෙන්නම්නම්.


මේ කදු පන්ති අතරේ රෝස පාශාන විශේෂය තියනවා කියලා පෝල් කියුවා. රෝස ගල් වල තියනවලු දියමන්තිවගේ දිලිසෙන පොඩි කැබලි.ඒවා ආබරණ හදන්න එහෙම ගන්නවලු. ශාම් ඇතුලු පිරිස ගොම්මන් කලුවරේ ෆෝන්වල එළියෙන් කදුපාමුල රෝස ගල් කැණීමක කලා. අයිස් තට්ටුව කඩනකොට හොද පණයනවා. මේවැඩේ කලේ දැකලා නැති අයට රෝස ගල් බලාන්න මිසක් පුරුද්දකට නෙමේ.කොහොමවුනත් කිසිම කෙනෙක්ට රෝස ගල් හම්බුනේ නැඑ. ඒ නිසා ඔන්න කාලගුණ මධ්‍යස්තානයේ තියන ප්‍රදශන කුටියෙන් රෝස ගල්වල පොටෝ එකක් මෙතන දාල තියන්වා.



අදට ඇති, ශාම්ට මහන්සි අද එයා පෝල් නැත්තන් කන්ඩායම් නායකයා එක්ක ටේබල් ටෙනිස් මැච් එකක් ගැහුවා,ඊට පස්සේ සෝෆි එක්ක ගිම් එකට ගියා,ඊටත් පස්සේ කට්ටියම ෆිල්ම් එකකුත් බැලුවා.
අහා කියන්න අමතක උනා,ශාම් ඇරෙන්න අදානිත් ඔක්කොමලට අද වෘකයෙක් දකින්න ලැබිලා. පොඅල් වාහනේ අරන් ආපහු ඇවිත් ශාම්ව එක්කන් යනකොට ඒ නරක වෘකය පේන්න හිටියේ නැඑ. හ්ම්ම්ම්ම් මොනවා කරන්නද වෙන දවසකවත් බලමු.





රෝස පාශාන

No comments:

Post a Comment