Thursday 6 March 2014

පාරාදීසය

2014,03.06 බදාදා දවස.. උදෙන්ම තිබුන චාටර් ගුවන්යානයේ ඔන්න එමලි ගෙදර යන්න පිටත්වුනා.ශාම් තනිවුනා.තනිවුනා කියුවට තනිවුනේම නෑ. අද පැය විසිහතරම ලයිඩාර් එක දත්ත එකතු කරන විදියට උදෙන්ම සෙට් කලා. හදිසි කාළගුණ වෙනසක් නොවුනොත් හෙට වෙනකන් ඒක වැඩ. ඉතින් ශාම්ට පොඩි නිවාඩුවක් ලැබුනා. ශාම් ඒ නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.



අද පළවෙනි වතාවට ශාම් යූරීකා වල තියන අනිත් ලැබ් එක බලන්න ආවා. මේ තැනේ නම තමයි රිඩ්ජ්, මේක තියෙන්නෙ පොඩි කදු ගැටයක් උඩ. මේ හරියට කියන්නේ ඉහළ පාරාදීසය කියලා. ඇත්තටම මේක පාරාදීසයක් තමයි.

ශාම් ජීවිතේ දැකලා තියන ලස්සනම තැනක් තමයිමේ. රිඩ්ජ් ලැබ් එක තියෙන්නේ පොළව මට්ටමේ,වටේට හිම කදු වලල්ලක් තියනවා.ඈතින් පේන්නේ හීතලට මිදුනු කරදිය වලල්ල. ඉර අංශක අනූවට පායලා. පුදුමාකාර සුන්දරත්වයක් තියෙන්නේ.
මේ ලැබ් එකේ තමයි ශාම් ඇරෙන්න අනිත් ඔක්කොම වැඩ කරන්නේ.


රිඩ්ජ් ලැබ් එක අයිති වෙන්නේ PEARL  (The Polar Environment Atmospheric Research Laboratory)එකට. 2005 වස් අරේ ඉදන් මෙ අක දිගටම වැඩ. හිම් මට්ටමේ ඉදන් කි.මී 100 වේකෙන් වායුගෝලීය දත්ත එකතු කරන්න මේ ලැබ් එකෙස් තියන උපකරන වලට පුලුවන්.Ellesmere කියන දූපතේ තමයි මෙ ඔක්කොම ලැබ් තියෙන්නේ. ශාම් නැවතිල ඉන්න තැන ඉදන් ලිමී 15 දුරක් තියන්ව මෙතනට. කන්ද උඩට වාහනේ යන අතරමග තමයි 80N කනුව තියෙන්නේ, ඔන්න බලාගන්නකෝ ලොකේ උතුරු අංශක 80 තියන තැන.









තවත් විස්තර මෙන්න මෙතනින් බලගන්නකො.
http://www.candac.ca/candac/Facilities/facility.php?type=PEARL




මේන්න ශාම්ගෙ කැම්පස් එකේ ශාම්ලගේ ගමන ගන ලියවුන විස්තරේ. ඒකත් කැමති අයට බලාගන්න ඔන්න තියන්වා මෙතන.

http://communications.uwo.ca/western_news/stories/2014/March/eureka_moment_provides_unique_opportunity_for_students.html


අද හුගාක් මහන්සි මොකොද හවස කට්ටිය පැය 2ක පොඩි වෝක් එකක් දැම්මා. ඉර එලිය අඩු නිසා ශාම් කැමරාව ගෙනිච්චේ නෑ. හැබයි කොහොම හරි පින්තූර ටිකකුත් හොයාගෙන ඒ ගැන ලියන්නම්.

No comments:

Post a Comment