Saturday 8 March 2014

මම බොහොම බය උනා

යූරීකාවේදී ශාම් බයවුන පලවෙනි දවස අද. මහ පාන්දර හීනෙන් දැක්ක ලේසර් එකට මොනාද වෙලා දත්ත ගන්න එක නැවතිල කියලා.ඉතින් පට ගාලා ඇහැරිලා ලැප්ටොප් එකෙන් බැලුවා දත්ත එනවද කියලා. මාර වැඩේ කියන්නේ ලැබ් එකේ ලේසර් එක පාලනය කරන කොම්පියුටර් එකයි මගේ ලැප් එක අතරෙ තියන නෙට්වර්ක් එක නැවතිලා.කොච්චර උත්සාහ කලත් කනෙක්ට් වෙන්න බෑ. මොනවා කරන්නද ඉතින් පලාතටම ඊමේල් දැම්ම. මොනාද කරන්න ඔනේ කියලා අහලා. කවෘත් නිදිද කොහෙද නූ රිප්ලයි.
ඉතින් ශාම් ගියා ලැබ් එකට. ලේසර් කණ්ණාඩියත් දගෙන ලේසර් කාමරීට ගියා.ගිහින් බලුවම ලේසර්එක වැඩ, හැබැයි කොම්පුටර් එක ගල් වෙලා. ඉතින් මොනා කරන්නද ශාම් එක රීස්ටාර්ට් කලා. කරලා කාමරෙන් එලියට ඇවිත් ආයෙත් ඊමේල් දැම්මා හැලිෆැක්ස් ඉන්න ඔපරේටර්ට. වෙලාව හොදයි මිනිහා නැගිටලා. ඉතින් ලේසර් එක ශාම් නවත්තල ඔපරේටර්ට කිඋව විස්තරේ. එයා කියපි ඇයි ඒක නැවැත්තුවේ කියලා, ඉතින් ශාම් හොදටම බය වෙලා ආඵු පාරක් ඔන්න ලේසර් එක අහසට විදින්න කොම්මන්ඩ් එක දුන්නා. හැබැයි දත්ත එකතුවෙන රෙකෝඩර් එක නැවතිලා, ඒකයි ශාම් ඇත්තටම ලේසර් එක නැවැත්තුවේ. ඔවා ඔක්කොම කිය කිය ඉන්න වෙලා නැනෙ අනේ කාටවත්ම බය වෙලා ඉන්න කොට :D

ඉතින් ඔපරේටර් වැඩේ ගොඩ දැම්මා. ශාම් නිවන් ගියා වගේ දැන්. ආපහු කාලගුණ නැවතුමට එනකොට මගදි ජෝන්ව හම්බුවුනා ශාම්ට, එයා ඇහුවා වාහනේ පොඩි රවුමක් යමුද කියලා, ජෝන් තමයි මෙතන ලොකුම ලොක්කා. ඉතින් ශාම්ටත් ලැබුන චාන්ස් එක මගාරින්න ඔනේ නෑනෙ.පට ගාල නැග්ගා වාහනේට. ජොන් ශාම්ට වටේම තියන බිල්ඩින් සහ ඒවාය්න් වෙන වැඩ එහෙම කියලා දුන්නා. ජොන් මුලින්ම මෙහාට ඇවිත් තියෙන්නේ 1978 අවුරුද්දේ. පිස්සු හැදෙනවා. ඉතින් ශාම්ට ඊයේ සත්තු බලන අවස්තාව මගඇරුනු නිසා ජෝන් ශාම්ව එක්කන් ගියා සත්තු නිතර එන තැනකට. ඒක තියෙන්නේ යුරීකා ගුවන් පතය ලග. අතරමගදි ශාම් දැක්කා සම්පුර්න ඉර බල්ලෙක් (සන් ඩොඅග්). එක පැත්තක ඉර පායලා, අනිත් පැත්තේ අඩසද. මේ දෑස මගේ පින්වන්ත්තයි තේරුනේ දැන් තමයි..... ශාම් යුරීකාවට ඊයෙටත් වඩා අද ආදරෙයි.







 බ්යි ද වේ ලංකාව ආසියානු කප් එක දිනුවනේ ශාම් වටේ පිටේ ඔක්කෝටම එම්.ආර් ගේ සාපේ ගැන කියල පොඩි ෆන් එකක් ගන්නත් අමතක කලේ නෑ

No comments:

Post a Comment